Easy Way of Learning

ඉගෙනගැනීමට පහසු මග

අන්තර්ජාල තක්ෂලාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා...

ශ්‍රී ලංකාව තුල පවතින සියලුම පාසල් මට්ටමේ විෂයන්ට සමගාමීව 
ඉගැනුමට අන්තර්ජාලය තුල පහසුම ම​ග ...

Welcome to Easy way of Learn School

විෂයන්

දැනට ශ්‍රී ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමයට අනුකූලව තිබෙන සියලුම විෂයන් අප ඉතා ක්‍රමානුකූලව වීඩියෝ පට මගින්ද, හඩපට මගින්ද, මාර්ගගතවද ලබාදීම තුලින් ඔබට ඉතා පහසු ආකාරයෙන් අවබෝධ කරගෙන ඉගෙනීමට හැකිවන පරිද්දෙන් ලබා දීමට අප කටයුතු කරනු ලබයි.

ඉතා දක්ෂ ගුරු මණ්ඩලය 

ඉතා දක්ෂ හා පළපුරුදු ප්‍රවීණ ගුරු මණ්ඩලයක් අප සතුව ඇති අතර ​ඔවුන් විසින් නොමසුරු ඉහල සේවාවක් ලබා දීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ඉහල සේවාව නියමාකාරයෙන් ලබාගැනිමට සැමවිටම අප මුලිකවේ.

සහතික පත්‍ර 

ඔබ මුහුණ දෙන්නාවූ අප ලබා දෙන සෑම විභාගයක් අවසානයේම ඉහල ලකුණු ප්‍රතිශතයක් ලබාගන්නා, සියලුම ශිෂ්‍ය ශියාවන්ට සහතික පතක් ලබාදෙන අතර එය ඔබගේ ඉදිරි ගමනට ශක්තියක් මෙන්ම ඔබගේ ඉගෙනීමට ඇති ආශාව අගය කිිිිිිරිමට ඔබට අප ලබාදෙන උපහාරයයි.

අපගේ ආදරණිය EWOL පව්ලේ සාමාජිකයන්

15000+

සිසු දරුවන්

370

ගුරු දෙමාපියන්

36

කාර්ය මණ්ඩලය

අප අන්තර්ජාල තක්ෂලාවේ නිර්මාතෘගෙන් ඔවදනක්

අධ්‍යාපනය අපේක්ෂා කරන සියල්ලන්ම සොයන්න

ඒ සැමට උදව් කරන්න

ඔවුන්ට ඉදිරියට යාමට උදව් කරන අය

අධ්‍යාපනයේ පුරෝගාමීන් වනු ඇත

ගරු සභාපති 
ඒන් . පි. සුමනරත්න

ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණ

ZOOM මාධ්‍ය මගින් ඉගැන්වීම්

ශ්‍රව්‍ය මාධ්‍ය මගින් ඉගැන්වීම්

දෘශ්‍ය මාධ්‍ය මගින් ඉගැන්වීම්

Mr.Norman Saranaweera
Retired Teacher

B.A (Hon)
Uni.of Peradeniya,
M.A
(Special in B.St.Uni. of Kelaniya) - Second Upper - 1992
Diploma in TESL (NIE) 
1992
Diploma in Edu
(Uni. of Colombo)


Founder 
EASY WAY OF LEARNING

Easy Way of Learning

අපගේ නිර්මාතෘ පිලිබදව වචනයක්
අකාලයේ මිලින වූ දෘශ්‍යආබාධ පඬිරුවන  
                          නෝමන් සරණවීර නම් උපතින් අන්ධ වූ ගුරුභවතෙකි ඔහු විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1982දී ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධිය ලද අතර 1983 වසරෙදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල උතුරු කණුමුල්දෙනිය මහා විද්‍යාලයට රජයේ ඉංග්‍රීසි උප ගුරුවරයෙක් ලෙස පත්වීම් ලබා එතැන් පටන් 2013 වසරේදී ඉංග්‍රීසි ගුරු උපදේශකවරයකු ව විශ්‍රාම යනතෙක් පාසල් හයක සේවය කළේය එතුමන් විසින් බ්‍රේල් මාධ්‍යයෙන් පොත් විශාල සංඛ්‍යාවක් ලියන ලද අතර සෑම පොතකම මුල් පිටපත් සංස්කරණය කරන ලද්දේ එතුමාගේ දෑතින්ම බ්‍රේල් මාධ්‍යයෙනි. පොදුවේ ගත් කල ලංකාවේ සියලු පාසල්වල සිසුන් ඉංග්‍රීසි භාෂාව සඳහා ලබාගෙන ඇත්තේ ඉතා අවම සාදන මට්ටමකි. පසුගිය වසර 30 තුළ ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන්ගේ ප්‍රතිඵල පරික්ෂා කිරීමෙන් එය තහවුරු වේ. මෙයට හේතුව වරක් මා විමසූ විට ඔහු පැවසුවේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ පිළිබඳව ඇති දැනුම දුර්වලතාවයයි පන්ති පෙළපොත් වල ව්‍යාකරණ පාඩම් ඉතා විරලය. එමනිසා ඔහු ව්‍යාකරණ මූලික ග්‍රන්ථයක් නිර්මාණය කරණයට මුල පිරීමට අවශ්‍ය බව වරක් මා සමඟ පැවසූ බව සඳහන් කරනු කැමැත්තෙමි නිසාම Easy way of learning english grammar and composition යන ව්‍යාකරණ ග්‍රන්ථය නිර්මාණය කරන ලදී. එම ග්‍රන්ථය උපයෝගී කරගෙන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රියාවලිය ලංකාවේ පාසල්වල කරනු ලබන්නේ නම් එය ඉතා ඵලදායී වැඩපිළිවෙළක් වනු ඇති බව එතුමන් නිතරම හමුවන විද්වතුන් සමග මෙන්ම එම පොතෙහි පරිගණක අක්ෂර කරණය කරන විට මා සමග ද පැවසීය. එම නිසා එම පොත සිසුන් අතට පත් කිරීම ඔබ අප සියලු දෙනාගේම වගකීම වනු ඇති බව මම නැවත වරක් සිහිපත් කරනු කැමැත්තෙමි එමෙන්ම මෙම පොත සකසා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ මූලික දැනුම ලබාගැනීමට අවශ්‍ය අයට මෙන්ම පරිණත වූවෙකුට වුවද භාවිතා කළ හැකි අයුරින් බැවින් මෙම පොත වයස් භේදයකින් තොරව ද පරිශීලණය කළ හැකි බවට බොහෝ විද්වතුන් පවා ප්‍රශංසා ලිපි මගින් සනාථ කර තිබේ. 
                
                            තවද එතුමා ලබා දී ගුරුවරයෙකු වන නිසා මෙම පොත විකුණා ලැබෙන ආදායම් කොටසක් ආබාධිත වූවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය රැකවරණය සඳහා අරමුදලක් පිහිටුවා මුදල් යෙදවීමට අදහස් කළේය ඒ අනුව සෑම පොතකින් ම යම් මූල්‍යමය දායකත්වයක් යෙදවීම මගින් එතුමා වැනි තවත් විවිධ ආබාධවලින් පෙළෙන්නන් හා එවැනි අයගේ අභිවෘද්ධිය කටයුතු කරන සුභ පතන්නන්ගේ සහයෝගයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැකවරණ සඳහා අරමුදලක් පිහිටුවා මුදල් යෙදවීමට අදහස් කළේය. ඒ අනුව සෑම පොතකින් ම යම් මූල්‍යමය දායකත්වයක් යෙදවීම මගින් එතුමා වැනි තවත් විවිධ ආබාධවලින් පෙළෙන්නන් හා එවැනි අයගේ අභිවෘද්ධියට කටයුතු කරන සුභ පතන්නන්ගේ සහයෝගයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය රැකවරණය සඳහා සංවිධානාත්මක වැඩසටහනක් සැකසීම එතුමාගේ අභිප්‍රාය විය.

                              29-07-2021 දිනට යෙදෙන එතුමාගේ දෑ අවුරුදු ගුණානුස්මරණය ට සමගාමීව පවතින වසංගතය හේතුවෙන් අවුරුද්දකට වඩා කාලයක් පාසල් වසා තිබීම නිසා 10198 වන පාසල් ජාලය තුල 4,200,000 ආසන්න සිසු දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා තවත් යම් ක්‍රමවත් අන්තර්ජාල අධ්‍යාපන වැඩසටහනක් සැකසීම අප අදහස් කලෙමු.
                
                              උක්ත ග්‍රන්ථයෙහි පිටපත් මිලදී ගන්නා ඔබ සැමට ඒ සඳහා දායක වීමේ අවස්ථාව ද නිතැතින් හිමිවේ පොතෙහි පිටු 455ක් තුළ පරිච්ඡේද 28කින් අන්තර්ගතය රූපව්‍යුවහගත කර ඇති අතර පොතෙහි ඇගැයීම් වාර්තා දෙකක් 2017 ජනවාරි 22 දින Sunday Island පුවත්පතෙහි ද 2017 පෙබරවාරි 01 දින Daily Mirror පුවත්පතෙහිද පලවී ඇත. ජාතික රූපවාහිනි සේවයේ සන්හිද වැඩසටහන තුළින් ද බෞද්ධයා නාලිකාව ස්වදේශීය ගුවන් විදුලි වැඩසටහන් මඟින් ද මෙම ග්‍රන්ථය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.තවද අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය මගින් පුස්තකාල සඳහා ගැනීමට අනුමත කළ ඇති බවත් සිහිපත් කරනු කැමැත්තෙමි.

                             ​​​ දැනට අප අතරින් වියෝවී ඇතත් ඔබතුමාගේ මෙම ග්‍රන්ථය ඇතුළු අනිකුත් ග්‍රන්ථ පරිශීලනය කරන විට නිතරම ඔබ විශ්ව කෝෂයක් ලෙස හැඟෙන අවස්ථා නැතුවා ද නොවේ පියතුමණි. දයාබර පියාණෙනි දෑස් අන්ධ වුවද ඔබ ආලෝකමත් කළ දෑස් ප්‍රමාණයට මා ඇතුළු සහෝදරියන් එයට නිරතුරුවම සාක්ෂි දරයි.....

ස්තුතිය...

නිරංජන සෞම්‍යකුමාර සරණවීර
මුල්‍ය කටයුතු අධක්ෂක

“Thousands of candles can be lighted from a single candle, and 
the life of the single candle will not be shortened. 
Happiness never decreases 
by
 being shared.”

Gawthama Buddha

Take the candle & light us