WELCOME Easy Way of Learning
Your gateway to limitless learning possibilities
අන්තර්ජාල අධ්‍යාපනය
අද ලොව සීඝ්‍ර ලෙස ජනප්‍රිය වන්නේ ජනප්‍රිය වනුයේ කොරෝනා ව්‍යසනයෙන් සිදු වූ අධ්‍යාපනයෙ බිඳවැටීමේ හානිය අවම කර ගැනීමට ඒ ඒ රටවල විවිධ අංශයන් දරන උත්සහවල ප්‍රතිඵලයක් වශයෙනි මෙම අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමවේදය බටහිර රටවලට අලුත් අත්දැකීමක් නොවුණද ආසියානු රටවලට නවක අත්දැකීමකි නමුදු බොහෝ ආසියානු රටවල විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හා ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන ළමුන් බහුතරයක් විසිවන සියවසේ අග භාගයේ සිටම අන්තර්ජාල අධ්‍යාපනය භාවිත කළ බව නොරහසකි.
අපගේ මෙම ව්‍යාපෘතිය ද අදාළ අධ්‍යාපන ක්‍රමවේදය මූලිකව දැනට වසර දහයකට පෙර easy way of learning English grammar and compression පොතෙහි නිර්මාතෘ නෝමන් සරණවීර මැතිතුමා හා easy way of learning online තක්ෂලාව ව්‍යාපෘතියේ නිර්මාතෘ නුවන් ප්‍රසන්න මහතා විසින් ආරම්භ කිරීමට සකස් කරන ලද්දකි.
ගණිතය මූලිකව ක්‍රියාත්මක කිරීමට මෙය සැකසුවද සමාජීය අවශ්‍යතාවය අන්තර්ජාල අධ්‍යාපනයට නැඹුරු නොවීම නිසා අකාලයේ වැළලී යාමට නතු වූවකි. අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමවේදයේ අපගේ ක්‍රමයනම් දරුවාට විවිධ පාඩම්වල ගැටලු පැන නගින විට එම ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද විස්තරාත්මකව විවරණ සහිතව එම ගැටළුවට අදාළ තියරි කොටස් මෙන්ම ඒ හා සමාන ආදර්ශ ගැටලු ද සහිතව ප්‍රායෝගිකව වීඩියෝ මගින් භාවිතයට ගෙන අන්තර්ජාල ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා එහි නිවැරදි තාවය හා එම පිළිතුරු පත්‍රය සඳහා ගත් කාලය මෙන්ම ලකුණු ප්‍රතිශතය ද එම මොහොතේම බලාගෙන සිය ප්‍රවීණතාවය නැවත නැවත අධ්‍යනය මගින් දරුවාට වර්ධනය කරගත හැකි ලෙස මෙම ක්‍රියාවට නංවා තිබේ.
කොරෝනා ව්‍යයසනය හමුවේ අන්තර්ජාල අධ්‍යාපනය යොමු වුව ද පසුකාලීනව එයට මූලිකත්වයක් යෙදවීමට දෙමාපියන් වැඩි ඇල්මක් දක්වයි හොඳම නිදසුන ලෙස බැංකු ආශ්‍රිතව අන්තර්ජාලය මගින් සිය ගිණුම භාවිතා කිරීම සඳහා බොහෝ පිරිස් Online Account නිර්මාණය කර ගැනීම සීඝ්‍ර ලෙස ඉහළ යාම මත පැහැදිලි කළ හැකිය.
මක්නිසාදයත් අන්තර්ජාල අධ්‍යාපන නිවෙසේ සිට ලබාගත හැකිවීම නිසා ළමයාගේ ආරක්ෂාව තහවුරුවීම, ළමයා වෙනුවෙන් අතිරේක මුදල් වැයවීම අවමවීම ( ගමන් ගාස්තු සැහැල්ලු ආහාර ගාස්තු වැනි දෑ ), දෙමාපියන්ට වැඩසටහන් නැවත අධීක්ෂණය කළ හැකිවීම නිසා ළමයා පිළිබඳ සෑම විටම හොද ගුණාත්මක අවබෝධයක් ලබා ගත හැකිවීම, අනවශ්‍ය ලෙස ළමයාගේ ගමනාගමනයට වැයවූ කාලය ඉතිරිවීම මත විවේක කාලය වැඩිවීම, වැනි මෙවැනි බොහෝ කාරණා නිසා අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමවේදයට දෙමාපියන් වැඩි ඇල්මක් දක්වයි.
තවද අප මෙහි දී දෙමාපියන්ට යෝජනා කරනුයේ තමන්ගේ ගැටලු විසඳාගැනීමට දරුවා අවශ්‍ය ඕනෑම වෙලාවක education guide ලෙස අපගේ online තක්සලාව භාවිතා කරන විට ඔබ වෙනදා දරුවා වෙනුවෙන් දෙමාපියන් ලෙස අධ්‍යාපනයට වැය කරන ලද මුදලින් 50% ක් හෝ දරුවාගේ දරුවාගේ නමින් බැංකු ගිණුමක තැන්පත් වෙන ආකාරයට සකස් කර ඒ හරහා ළමයාට ඉතිරි කිරිමේ අඩිතාලමක් නිර්මාණය කර ළමයාට සාර්ථක අනාගතයකට මෙන්ම අධ්‍යාපනික ගමනට මුල්‍යම පදනමක් සකස් කරගෙන දෙන ලෙසටයි.
එන්. ජී. ඩි. ඉන්දික මහතා
උප සභාපති / අධ්‍යක්ෂ මානව සම්පත්
අපගේ අරමුණ
කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක වල විශිෂ්ටතම පාසල් ලෙස හඳුන්වන පාසල් වල සිසු දරුවන්ට ලබා දෙන්නාවූ හා සමාන අධ්‍යාපනයක් මෙම අන්තර්ජාල අධ්‍යාපන වැඩසටහන හා සම්බන්ධ වන සිසු දරුවන්ට ලබාදීමට මෙන්ම,
01. නවීන තාක්ෂණය මෙන්ම නැවුම් අධ්‍යාපන සංකල්ප භාවිතා කරන ආචාර්ය මණ්ඩලයක ගේ සම්පත් දායකත්වය නිරන්තරව ලබාගැනීමට අවශ්‍ය අවකාශය සැලසීම
02. Online ඉගැන්වීමට ම පමණක් සීමා නොවී දරුවන්ගේ දෙමාපියන්ගේ අදහස් සහ යෝජනා නිතර ලබා ගැනීම. තුළින් Online ඉගැන්වීමේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව සුවිපරම් ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම.
03.Online ඉගැන්වීමට සම්බන්ධ වන ගුරු භවතුන් නවීන තාක්ෂණික අංගෝපාංග වලින් ශක්තිමත් කිරීම මගින් වඩා සාර්ථක Online අධ්‍යාපනයක් සිසු දරුවනට ලබාදීමට වෙහෙසීම.
04. Online ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වන සිසු දරුවන් හට ඔන්ලයින් සම්බන්ධ වීමට ඇති තාක්ෂණික උපාංග පිළිබඳව සොයා බලා අඩුපාඩු ඇති දරුවන් හට තාක්ෂණික උපාංග ලබාගැනීමට අවශ්‍ය සුභ පතන්නන්ගේ සම්බන්ධතා ගොඩනඟා දීමට මැදිහත් වීම.
05. Online ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වන සෙසු දරුවන් හට ඔන්ලයින් සම්බන්ධ වීමට ඇති ඩේටා පහසුකම් පිළිබඳව සොයා බලා අඩුපාඩු ඇති දරුවන් හට ඩේටා පහසුකම් ලබාගැනීමට අවශ්‍ය සුභ පතන්නන්ගේ සම්බන්ධතා ගොඩනගා දීමට මැදිහත් වීම.
06. දැනට තාක්ෂණික උපාංග නොමැති වීම මත ඔන්ලයින් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ නොවන සිසු දරුවන් පිළිබඳව සොයා බලා Online සම්බන්ධ වීමට තාක්ෂණික උපාංග නොමැති දරුවන් හට තාක්ෂණික උපාංග ලබාගැනීමට අවශ්‍ය සුභපතන්නන්ගේ සම්බන්ධතා ගොඩනඟා දීමට මැදිහත් වීම.
07.දැනට ඩෙටා පහසුකම් නොමැති වීම මත ඔන්ලයින් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ නොවන සිසු දරුවන් පිළිබඳව සොයා බලා Online සම්බන්ධ වීමට දරුවන් හට ඩේටා පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය සුභපතන්නන්ගේ සම්බන්ධතා ගොඩනඟා දීමට මැදිහත් වීම.
08. එකී කාරණාවලට මැදිහත් වන අතරම පළමු අදියර වශයෙන් එක් ශ්‍රේණියකට අදාළව අවම වශයෙන් සිසු දරුවන් 5000 බැගින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි 11 ට අදාලව ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 11 ×5000 = සිසු දරුවන් 55,000ක් සඳහා මූලිකව සජීවී සංවාද ස්වරූපයෙන් Zoom, Google, Microsoft තාක්ෂණය භාවිතයෙන් අපගේ වෙබ් අඩවිය තුළ දෛනික Online අධ්‍යාපන තක්ෂලාව පවත්වාගෙන යෑම.
08. එකී කාරණාවලට මැදිහත් වන අතරම පළමු අදියර වශයෙන් එක් ශ්‍රේණියකට අදාළව අවම වශයෙන් සිසු දරුවන් 5000 බැගින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි 11 ට අදාලව ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 11 ×5000 = සිසු දරුවන් 55,000ක් සඳහා මූලිකව සජීවී සංවාද ස්වරූපයෙන් Zoom, Google, Microsoft තාක්ෂණය භාවිතයෙන් අපගේ වෙබ් අඩවිය තුළ දෛනික Online අධ්‍යාපන තක්ෂලාව පවත්වාගෙන යෑම.
ධනුෂ්ක අධිකාරී මහතා
අධ්‍යක්ෂ සමාජ සම්බන්ධතා
CHOOSE FROM ANY THESE
Ready To Teach A Course?
There are millions of people out there who want to learn from creatives like you. If you love to teach and share what you know, Eduma is a unique place to do just that.
FREQUENTLY ASKED QUESTION
General Question
Learn at your own pace
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Learn from the best professionals
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Share knowledge and ideas
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Connect with a global creative community
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Do you have any other questions?
Sign up to receive our latest updates
Get in touch
Call us directly?
Address
අධ්‍යාපනය අපේක්ෂා කරන සියල්ලන්ම සොයන්න,
ඒ සැමට උදව් කරන්න,
ඔව්න්ට ඉදිරියට යාමට උදව් කරන අය
අධ්‍යාපනයේ පුරෝගාමීන් වනු ඇත.
- © 2025 Easy Way Of Learning .All rights reserved.